peraliya
Wednesday, August 8, 2018
වත්මන් උපන්දින සැමරුම හා සුරූපී නිරූපිකාවෝ
නිරුවතින් පැමිණ
සුදුවතින් අවසන් ගමන් යන
නිස්සාර වූ ජීවිතය
විගඩම් නටන රඟ මඩලකි....
ඒ රගමඬලේ
නවතම සොයාගැනීම
අනෙකාගේ උපන්දින සාදයේ
තම නිරුවත ලොවට ප්‍රදර්ශනයයි....
සංස්කෘතිය නම් වූ
මානව යහ පැවැත්මේ
අවසාන හුස්ම පොද යදින
කාලයයි මේ....
නැවතත් යා යුතුය
ගල් යුගය
දඩයම් යුගය වෙත
එහිත් මෙහිත් ඇති වෙනස
කුමක්ද කියා බලන්නට....
එකෙකුගේ උපන්දිනය
තවකෙකුගේ නිරුවත
ලෝකයට විකුණන දිනයකි..
විලසිතා නම් මොනවාද
කා හටත් යා හැකිය දැන්
ඉරුනු කඩ මල්ලක් හැද ...
ප්‍රසිද්ධිය අරමුණ නම්
යන්නට තව දුරක්
සිතනු මැන තවවරක්...
ජනරංජනය වන්නට නම්
සිතනු තව වරක් නුඹ
ජන සම්මත විය යුතු බව....
S.Nakandala
Thursday, August 2, 2018
ඉකිබිඳුම
පෙරදා මෙන් එක්ව ගිය මඟ
නැවත නොඑනා බව දැන
හැකිනම් මේ සීත පවනට
කොදුරා කියන්නට වදන්
තවමත් ඉකිගසා හඩාවි
මේ මුලු අහසම ගිගුරුම් දෙමින්
Sunday, July 29, 2018
ගොළු අබාගේ සැඟවීම- කෙටි කතාව
ගොළු අබාගේ සැඟවීම
වසරක් පාසා පවත්වන ලද ගිනි
පෑගීමේ මංගල්‍යය වෙනදා මෙන්ම මෙවරද අද පවත්වයි. ඒ සඳහා සහභාගි වීමට
කඩිමුඩියේ සූදානම් වූයේ මා පමනක් නොව මගේ නැගණිය ඇතුළු පවුලේ සියලු දෙනාය. ළමා මනසට ඇත්තේ විචක්‍ෂණශීලී
බුද්ධියකි. සන්ධ්‍යාවේ මෙහි ආ මොහොතේ පටන් සිදුවන
දෑ ඇස අයා මේ දෙස බලා සිටියේ මගේ නැඟණියයි.මාගේ මතකය හා මා හට හැගෙන පරිදි ඇය මේ අවස්ථාව දැකබලා
ගැනීම සඳහා සහභාගි වූ පළමු අවස්ථාව මෙය
විය යුතුය.අළුයට සැඟවුණු ගිණිපුපුරු කිනම් අවස්ථාවකදී හෝ මතුවන්නාක් මෙන් ඇය සිතට
නැගෙන විවිධ වූ ප්‍රශ්න කොයි මොහොතේ හෝ මගෙන් විමසන බැව් මා හොදින් දැන සිටියාය.
‘‘පොඩි අක්කේ අපේ ටීච
ඉගැන්නුවා එක එක කාලවලට අයිති විවිධ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම, චිත්‍ර සම්ප්‍රධායන්
තිබුණා කියලා.’’
‘ඔව් ඉතින්’ මා ඇයට පිළිතුරු දුන්නේ ඇය සිත තුළ වූ ප්‍රශ්නය
කුමක්ද යන්න දැනගැනීමේ අටියෙනි.
‘‘ඉතින් කියන්නෙ
එතකොට අපේ පන්සල රජමහා විහාරයක් කියලනෙ කියන්නෙ. එතකොට අපේ පන්සලෙ ඒ
කාලෙට අනුව තිබුණු කැටයම්, චිත්‍ර ශිල්ප
ඒතරම් පේන්න නැහැනෙ.’’
‘‘ඔව්, දැන් ඒ තරම්
පේන්න නැහැ තමයි. ඒ වුණත් විහාර
ගෙයි තියෙන චිත්‍ර හා බුදු පිලිම අයිති නුවර යුගයට.’’යනුවෙන් ඇය හට ඍජුවම බයක්
සැකක් නැතිව පිළිතුරු දුන්නේ දිනක් ඒ බව දහම් පාසලේ පාලි විෂය ගුරුතුමිය වූ මාලනී
මහත්මිය ඒ බව පැහැදිලි කර තිබූ නිසාය.
‘‘එතකොට ගෘහ නිර්මාණ ශිල්පක්‍රම?’’ඇය නැවතත් විමසීය.
ගෘහ නිර්මාණ ශිල්පක්‍රම?මා මොහොතකට කල්පනා
ලොවක නිමග්න වීමෙන් පසු ඇයට පිළිතුරු දුණි.
‘‘හරි මං ඔයාට මුල ඉදලම
කියන්නම්. නැත්නම් ඔයාගෙ
ප්‍රශ්න වලට උත්තර දීලා ඉවරයක් නෑ’’ලෙස පැවසූ මම ගණේගොඩ පුරාණ රජමහා මහා
විහාරයෙහි ඓතිහාසික පසුබිම කෙසේදැයි මෙසේ
පැහැදිලි කලෙමි.
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මුත්තණුවන් වූ ගෝඨාභය රජතුමා මේ
ප්‍රදේශයේ වාසය කරන කාලයේ ගෝඨාභය රජුට හිතවත් වූ රහතුන් වහන්සේ නමක් වුණු සුභද්‍ර
නම් හිමිනමට මේ පන්සල තනවා පූජාකර ඇති බවත්,ඒ බව විහාර මළුවෙහි පඩිපෙළ අසළ තිබෙන
සෙල්ලිපියෙහි සඳහන් බවත්ය. ඒ වුවත් එදා ඉඳිකළ ගොඩනැඟිලි කාලයේ වැලිතලාවෙන්
සැඟවගොස් නටඹුන් බවට පත්ව ගොස් ඇති බවට මා දන්නා අයුරින් ඇයට පසක් කලෙමි.
අන්ධකාරයත් විදුලි බල්බ ආලෝකයත් අතරින් පැරණි පහන් කණුව
මම දුටිමි. එදා ඉදිකළ ගොඩනැඟිලි අද තිබුණානම් කොපමණ ගාම්භීර බවක් දක්නට හැකිද?කාලයේ වැලිතලා
යට බොහෝ දේ සැඟවගොස් ඇත.අවට සිටි එකිනෙකාගේ ශබ්ද අතරින් එක් අයෙකු ඉතා නිහඬය.
කිසියම් බර කල්පනාවක දෝ හෝ ඇය නිමග්නව ඇත. බොහෝ ඉතිහාස කථාවල මා ඇඟේ ගුරුතුමියයි.
එදා ප්‍රදේශයේ
ඉඩම් හිමි වැවිලිකරුවකු වූ කාරියවසම් ඉඳිපලගේ අගෝරිස් අප්පුහාමි වගා කටයුතු කරමින්
සිටියදී විහාරස්ථානයක නටඹුන් කිහිපයක් හමුවීමෙන් අනතුරුව විහාරස්ථානය නැවත
ගොඩනැඟීම සිදුකිරීමත්, පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිංස්කරණ කටයුතු කරගෙන යාමත් නිසා විහාර මන්දිරය,ධමර් ශාලාව, පැරණි ගල්
බැම්ම හා පොකුණ අද පවා දක්නට තිබීමෙන් ගොළුවාමුල්ල,ගණේගොඩ බෞද්ධ ජනතාව හට
ඓතිහාසික වැදගත්කමක් ඇති මුදුන්මල්කඩක් මෙන් වූ ගණේගොඩ රාජමහා විහාරය පිළිබඳ මතක්
වීමෙන් මා හට චිත්ත ප්‍රමෝදයක් ඇති වෙයි.
ගිණි පෑගීමේ
මංගල්‍යය නිමාවීමෙන් පසු අප සියලු දෙනා අප සියලුදෙනා නිවසට පැමිණෙන විට අළුයම 6.00පමණ විය.රාත්‍රියක්
නිදිවැරීමෙන් පීඩිතව සිටි මා නින්දට වැටුනේ මටත් නොදැනීමය.
ගිණි පෑගීමේ
මංගල්‍යය දා මා නංගීට කියූ ගණේගොඩ සුභද්‍රාරාම රජමහා විහාරයෙහි මූලිකාරම්භයට
තුඩුදුන්නේ ගෝඨාභය රජු බව මා දැනසිටියත් රජු හා සම්බන්ධ පුරාවෘත්තය මා පිළිබඳ දැන
නොසිටීම නිසා එය අසා දැනගැනීමේ බලවත් පෙරැත්තක් මා සිත තුළ දළු ලා වැඩෙමින් තිබෙන
අතරතුර මා හට එයට මඟ පෑදුනේ ගමේ සිහල වෙදකම් කරන අන්තේනිස් සීයා හමුවට කිතුල්
කීරක් ඇණීමෙන් ඇති වූ වේදනා දෙන කකුලට බෙහෙත් කිරීමට ගිය අවස්ථාව අතරේය.
‘‘ගෝඨාභය රජතුමා කියන්නෙ
කවුද සීයෙ?’’ලෙසට මා
සීයාගෙන් විමසුවේ ඔහු තරම් ගමේ පුරාවෘත දන්නා තවත් කෙනෙකු නොමැති බව දත් නිසාවෙනි.
‘‘ගෝඨාභය කියන්නෙ මාගම
රාජ පරම්පරාවෙන් පැවත එන රජෙක් මයෙ දුවේ. මාගම රාජ පරම්පරාව දෙවන පෑතිස්
රජ්ජුරුවොන්ගෙ මලණුවො වෙච්චි මහානාගෙන් ඇරඹීච්චි රාජ වංශයක්. ක්‍රි. පූ තුන වගේ කියන
කාලවල රුහුණු රටේ තිබුණු රාජ වංශ දෙක අතරින් එකක් තමයි මාගම රාජවංශය. මාගම රාජ
පරම්පරාවෙ මහානාග රජුගෙන් පස්සෙ ජටාලතිස්ස රජුත් ඊට පස්සෙ ගෝඨාභය රජුත් තමයි රජකම්
කරන්නෙ.ගෝඨාභය රජ්ජුරුවන්ගෙන් පස්සෙ එයාගෙ පුතා වෙච්චි කාවන්තිස්සත්,මුණුබුරා වෙච්චි
දුටුගැමුණුත් රජකමට එනවා.’’
පූජා කලේ..?’’
‘‘ඒක ලොකු කතාවක් මයෙ දුවේ. මං කිවුවෙ රුහුණු රටේ
රාජ පරම්පරා දෙකක් තිබුණය කියලා. ගෝඨාභය රජු මාගම රාජවංශයෙ වෙච්චි කොට අනෙක්
රාජවංශය විදිහට තිබුනෙ කතරගම දස බෑ රාජවංශය. ඔය ගෝඨාභය රජ්ජුරුවො
කතරගම දස බෑ රජ්ජුරු පරම්පරාව පිටින්ම සමූල ඝාතනයක් කරලා රුහුණ එක්සේසත් කරලා තියෙනවා වුණාට ඒ පැත්තෙ තව දුරටත්
කිසි සන්සුන් බවක් තිබිල නෑ. රජ්ජුරුවොන්ට
මාගම වසන්න සැකසහිත නිසා ජනශූන්‍ය තෙත් කලාපයක් වෙච්චි මේ ප්‍රදේශවලට ආවැ කියලා තමයි
කියන්නෙ. සටන් කරලා ඇති
වෙච්චි හිතේ අසහනය නැතිකරගන්නත් මේ ප්‍රදේශ වලට ආවා කියලත් කියනවා. ඔය දඹදිව් රටේ
හිටිය චන්ඩාශෝක රජ්ජුරුවොත් අවුරුදු හතරක් පුරා සටන් කරලා සහෝදරයෝ අනූනවක්ම විනාස
කලායින් පස්සෙ ඒ ගැන ඇතිවෙච්චි හිතේ අසහනෙ නැතිකරගන්නනෙ වෙහෙරවිහාර අසූහාරදාහක්
හැදුවැයි කියන්නෙ.ඒ වගේ ගෝඨාභය රජ්ජුරුවොත් ඔය ඇතිවෙච්චි හිතේ අසහනේ නැතිකරගන්ට
වෙන්ටැති මාගමින් උතුරු,බටහිර ප්‍රදේශවල
වෙහෙරවිහාර පන්සීයයක් පමණ කල බව වංසකතා වල සදහන් වෙලා තියෙන්නෙ.’’
‘‘බොහොම ස්තූති සීයේ ඒ ගැන කියලා දුන්නට.’’යනුවෙන් මා
ස්තූති කරත්ම සීයා රැල් බුරුල් හැර කටහඬ නැවත අවදි කෙරුවේ අපේ ගම හා අවට ප්‍රදේශවලට
නම් සකස් වීමට වූ ඓතිහාසික පසුබිම කියාපාමිනි.
ඔය ගෝඨාභය කියන
නම හෙළ වහරින් කියවෙන්නෙ ගොළු අබා කියලනෙ. ඔය දැන් වැහිලා තියෙන ඉස්කෝලෙ හරියෙ ඒ
කාලෙ ගණ කැලෑව වෙච්චිකොටඔය ප්‍රදේසෙ රජ්ජුරුවෝ හැංගිලා ඉදලා තියෙනවා. ගොළු අබා මුළුගැන්විලා හිටි නිසා එය
ගොළුඅබාමුල්ල කියලා හදුන්නලා තිබුණත් පස්සෙ එය ගොළුවාමුල්ල බවට පත්වුණා කියලා තමයි
කියන්නෙ.ඒ වගේම මේ රජ්ජුරුවෝ ගොළු අයෙක් ලෙස සැඟවී හිටි නිසාත් ගොළුවාමුල්ල වුණා
කියලත් අපේ මුත්තලා කියලා තියෙනවා. ’’
‘‘ඒ වගේම තමයි
දුවේ පන්සල අවට සංඝයා වහන්සේලා විශාල වශයෙන් වැඩ හිටියා කියන නිසා එතන ගණේගොඩ වුණා
වගේම රජ්ජුරුවොන්ගෙ මඟුල් කඩුව තිබුණු තැන මඟුරු කඩුව වෙලා රජ්ජුරුවෝ ඇතුන් ගාල්
කරපු තැන ඇත්කදුර වුණා කියලත් කියනවනෙ. තේරෙනවා නේද මගෙ දුවේ අපෙ ඉතිහාසෙක තරම.’’ලෙස පවසමින්
සීයා පෞඩ ඉතිහාසයක තොරතුරු රැසක් මා ඉදිරියේ දිගහැර පෑහ.
නැවතත් මම අන්තේනිස්
සීයා හට කෘතඥතාව පළකර සිටියෙමි. මෙය මා
දැනගත්තා මෙන්ම කිසියම් හෝ කලෙක වෙලාවක මගේ නැඟණියට මේ පිළිබඳ දැනගැනීමේ වුවමනාව
ඇතිවන බව මා හොදින් දනී..
මෙයට පාදක වූ ජනප්‍රවාදය , තොරතුරු සපයාගත් මූලාශ්‍ර හා ස්තූතිය
මාගම ක්‍ෂත්‍රිය රාජවංශයේ ගෝඨාභය රජු හා සම්බන්ධ ජනප්‍රවාදයකි.අතීතයේ සිට කටවහරින් පැමිණියද මීට දශකයට පමන පෙර විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ ඕ.කේ.ඩී ගුණසේකර මහතා පැරණි තොරතුරු ලේඛනගත කර ඇත. මේ සඳහා තොරතුරු සපයා දුන් ගණේගොඩ සුභද්‍රාරාම රජමහා විහාරවාසී බෙරලියල සිරිසුමන ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක කෘතඥතාව පල කරමි.
N.D.I Sandamali
HS/2015/0920
Traditional communication
මෙයට පාදක වූ ජනප්‍රවාදය , තොරතුරු සපයාගත් මූලාශ්‍ර හා ස්තූතිය
මාගම ක්‍ෂත්‍රිය රාජවංශයේ ගෝඨාභය රජු හා සම්බන්ධ ජනප්‍රවාදයකි.අතීතයේ සිට කටවහරින් පැමිණියද මීට දශකයට පමන පෙර විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ ඕ.කේ.ඩී ගුණසේකර මහතා පැරණි තොරතුරු ලේඛනගත කර ඇත. මේ සඳහා තොරතුරු සපයා දුන් ගණේගොඩ සුභද්‍රාරාම රජමහා විහාරවාසී බෙරලියල සිරිසුමන ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක කෘතඥතාව පල කරමි.
N.D.I Sandamali
HS/2015/0920
Traditional communication
Thursday, July 26, 2018
ළමාවිය
කොක්කු
රෑන වගේ ඇවිත්
පුංචි
එවුන් නුඹ එන්කන් පාර බලන්නේ
හීන්
සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ..
මෙය ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ ඔහුගේ
සුන්දර පාසල් ජීවිතය ඇසුරෙන් රචනා කරන ලද ගීතයකි.දරු පැටවුන්ගේ ලෝකය කෙතරම්
සුන්දරද? නමුත් මේ සුන්දර ලෝකය විදීමට
වත්මන් දරුපරපුරට ඇති සීමා ඉඩකඩ කෙතරම්ද?මීට දශක
කිහිපයකට ඉහත දරුපරපුර සහ වත්මන් දරුපරපුර විදින සොදුරු ලොව අතර පරතර කෙතෙක්ද?
දරුපැටවුන්ගේ ලෝකය කෙතරම් සුන්දර වුවත් ඒ
සුන්දරත්වය දෙමවුපියන්ගේ මැදිහත් වීමෙන් මැකීගොස් ඇත.බොහෝ දෙමවුපියන්ගේ හීනය වන්නේ
තමන්ගේ දරුවා ඉහළ වෘත්තිකයකු වනවා දැකීමය.මේ හීනය තුළ හිදිමින් ඔවුන් දරුවාව
හසුරනවා පමනක් නොව දරුවාගේ ළමා සිතුම්පැතුම් පාලනයද කරනු ලබයි.
බෙහෙවින් සානුකම්පිත වුවත් අකමැත්තෙන් හෝ මේ
යථාර්තය තුළ සමාජය ගමන් කරයි.එයට හේතුව සමාජයට ගැළපෙන කෙනෙක් කිරීමේ වැදගත්කම
හෙවත් නව සමාජ ක්‍රමය තුළ හිස කෙලින් තබාගෙන ජීවත් වීමට අවශ්‍ය උගත්කම මෙන්ම මනුශ්‍ය
ජීවිතයට වටිනාකමක් ලැබීමට මිළ මුදල් ප්‍රධාන සාධකයක් වන තරමට සමාජය කණපිට හැරී
තිබීමයි.එසේම අධ්‍යාපනය තුළ තරගකාරී ස්වභාවයත් ඒ තුළ වල්මත්ව දුවන්නන් වාලේ දිවීමට
පුරුදු වීමත්ය.
අද පාසල් යන දරුවාට සෞන්දර්යය විදීමට ඇති ඉඩකඩ
ඉතාමත් අල්පය.කොන්ක්‍රිට් වනන්තර මැදින් වාහන තදබදය තුළින් දකින්නේ ඒකාකාරී
දර්ශනය.සිත තුළ නිවීමක් සැනසීමක් ළමා මනස තුළ නැත.එවන් සිත් තුළ එකමුතුකම සාමය
සමගිය පලායමින් ආත්මාර්ථකාමී සිතුවිලි තුළින් ළමා මනස් ව්‍යාකූලව ඇත.එනිසා එක
පුටුවක වාඩිවෙලා එක පැන්සල දෙකට අකුරුකරන කාලයක් දකිනට තරම් හැකියාවක් නොමැත.
S.Nakandala
Tuesday, July 24, 2018
සමාජ මාධ්‍ය තාරකාවන් බිලිගත් සංස්කෘතිය
නෙත නොපෙනෙයි දහවල බකමූණ න්ට
නැත එලෙසේ රෑ පෙනුමක් කපුට න්ට
සිත තුළ නිතර රාගින්නේ මත්වූව න්ට
නැත රෑ දාවල් දෙකෙහිම පෙනුමක් උ න්ට
බකමූණන්ට රාත්‍රී කාලයේ ඇස් පෙනුණත් දවල් කාලයේ නොපෙනේ. කපුටන්ට දවල් කාලයේ ඇස් පෙනුනත් රාත්‍රී කාලයේ නොපෙනේ.නමුත් රාගයෙන් පෙලෙන අයට දවල්, රාත්‍රී දෙකේම ඇස් පෙනුමක් නැත. social media stars යැයි කියනා සංස්කෘතියක් තුළ භාව ප්‍රකෝප කරමින් ජීවත්වන අසහනකාරී තරුණ තරුණියන්ගේ වික්ෂිප්ත මනස් වලට ලොව යථාර්තය හරිහැටි නොපෙනේ.
අතීතයේ මානවයා දැනුමෙන් සහ තාක්ෂණයෙන් ක්‍රම ක්‍රමයෙන් දියුණුවත්ම ශිෂ්ටාචාරගත සමාජයකට හුරුපුරුදු වූවෝය.ක්‍රමිකව ශීලාචාර සමාජයකට එමින් සෑදුනු සමාජයට සංස්කෘතියක් විය. පැරණි සමාජය තුළ සිරිත් මල්දම, සුභාෂිතය ආදිය තුළ මෙය සාකච්ඡාවට බදුන් වූයේ මෙසේය.
ඉරුණු ඇදුම් ඇදගෙන නොයිදින්නේ
විහිලු ඇදුම් ඇද ගමන් නොයන්නේ
සමාජය තුළ වෙසෙන එක් තරුණ පාර්ශවයක් දැනටමත් සමාජය තුළ ව්හිහිලුවක් වී හමාරය.ඇතැම්විට මෙය ඔවුන් ඔවුන්ගේ හැදූවැඩූ මවට පියාට කනේපහරක් ගසනවා වැන්නක් විය හැකිය.
ඇග වැසුමෙන් නිසි ඇදුම් අදින්නේ
බඩ නෙරුමෙන් රෙදි ඇද නොම ගන්නේ
හිස වැසුමෙන් කිසි තැන නොවදින්නේ
සුදුසු තැනින් නිසිලෙස පලයන්නේ
ගුණගරුක,යහපත් සමාජයක් උදෙසා පැවසූ වදන් අද අනුගමනය නොකරමින් නොව කණපිට පෙරලමින් සමාජය මහා ආඝාදයකට ලක්වෙමින් පවතිනු ඇත.සියල්ල අනිත්‍ය වූ ලෝකය තුළ තම ආශාවන් තෘප්තිමත් කරගැනීමට වෙරදරනා එවන් වූ සමාජ කොට්ඨාශයකට මෙය තේරුම් ගැනීමට හැකියාවක් නොමැතිබව අරුමයක් නොවේ..
S.Nakandala
Sunday, July 15, 2018
උණුසුම් කදුලු තුළින් ශීතල මහා සාගරය ගිල්වූ ආදරය-ටයිටැනික්
හදිසි අනතුරකට බදුන්ව සිටිනා අයෙකු දැක දැකත් ඒ නොදුටුව සේ ඉවත බලා යන යුගයක හේතුව අනුන්ගේ කදුලු කෙරෙහි සංවේදී නොවන ස්වාභිමාර්ථ ජීවියෙකුගේ තත්වයට පරිවර්තනය වීමයි.
සිනමාව තුළින් මිනිසුන්ගේ සිත් වලට ආමන්ත්‍රණය කළ හැකිය.එසේ ප්‍රේක්ෂකයින්ගේ සිත් වලට ආමන්ත්‍රණය කළ චිත්‍රපටයක් ලෙස ටයිටැනික් චිත්‍රපටය හදුනාගත හැකිය.ඉහත කී ලෙස අනුන්ගේ කදුලු කෙරෙහි සංවේදී නොවන ප්‍රේක්ශකයින් ටයිටැනික් චිත්‍රපටයේ දක්නට නොහැකිය.
සිනමා ප්‍රවර්ග එකට එක්වූ සංකීර්ණ චිත්‍රපටියක් වීම මෙහි විශේෂ ලක්ෂණයකි.සිනමාවේ දැකිය හැකි ෂෝනර හෙවත් ප්‍රවර්ග සදහා චිත්‍රපට විවිධාකාරයෙන් වර්ග වී තිබුණද ටයිටැනික් චිත්‍රපටය එක් ෂෝනරයකට සීමා වී නොමැත.
එහි ආරම්භය science fiction හෙවත් විද්‍යා ප්‍රබන්ධ ප්‍රවර්ගයකි. වසර 84කට පෙර ගිලී නිසසල වූ නෞකාව අත්ලන්තික් සයුර තුළ සගවාගත් ප්‍රබල රහසක් අනාවරණය කර ගැනීමේ අරමුණින් සබ්මැරීනයන් දෙකක් දගකාර මසුන් දෙදෙනෙකු මෙන් ඉහළ සිට පහළට ගමන් කරයි.
ඉතිහාසගත ප්‍රවර්ග කාණ්ඩය හෙවත් historical-epic මෙහි දක්නට ඇත.බෲක් විසින් රෝස් ආච්චිහට දියමන්ති මාලයෙහි උරුමය පිළිබද පැහැදිලි කිරීමත්, බෲක් රෝස් ආච්චිව හා ලිසීව කෙඩිෂ්හි පරිඝණක කාමරය වෙතට කැදවාගෙන ගොස් රූපවාහිනී තිරය මගින් ටයිටැනික් නෞකාව පර්වතයක ගැටීමපිළිබද රූප ප්‍රදර්ශනයත් රෝස් ආච්ච් දෙනෙත් පියාගැනීමේ සිට අතීත සිදුවීම් සියල්ල චිත්‍රපටයක මෙන් මවා පෙන්වන්නට වීම මීට නිදසුන් වේ.
romance හෙවත් ප්‍රබල ආදර කතාවක් රෝස් හා ජැක් අතර පෙන්වීම තවත් ප්‍රවර්ගයකි.එමෙන්ම වීරත්වයද මෙහි තවත් ප්‍රවර්ගයකි. අන් අය වෙනුවෙන් ජීවිත කැප කරන මිනිසුන් විසීම මේ සදහා උදාහරණ වේ.එමෙන්ම හෙවත් ක්‍රියාදාම ප්‍රවර්ගය සදහා ජීවිතය රැකගැනීම සදහා කරන අරගලය උදාහරන වේ.
මෙසේ විවිධ සිනමා ප්‍රවර්ගයනට අනුව නිර්මාණය වූ ටයිටැනික් චිත්‍රපටය එම වසරේ ඔස්කාර් සම්මාන 11ක් දිනාගැනීමට හැකිවිය.එම සම්මාන මෙසේය.
1)හොදම චිත්‍රපටය
2)හොදම අධ්‍යයක්ෂණය-ජේම්ස් කැමරන්
3)හොදම කැමරාකරණය-රසල් කාපෙන්ටර්
4)හොදම සංස්කරණය-කොන්රාඩ් බාෆ් සහ රිජඩ් හැරිස්
5)හොදම සංගීත නිර්මාණය -ජේම්ස් හෝනර්
6)හොදම දෘශ්‍ය ප්‍රයෝග-මාක් ලසාෆෝ,තෝමස් ෆාසර්,රොබට් ලෙටාගෝ
7)හොදම ශබ්ද සංස්කරණය-යොම් බෙල් නෝට්,සී.බෝයිස්
8)හොදම ශබ්ද පරිපාලනය-මාක් උලානෝ,සුරි සමර්,ගැරි රඩ්ස්ට්‍රෝම්
9)හොදම ඇදුම් නිර්මාණය -ඩෙබෙරා ස්කොට්
10)හොදම කලා අධ්‍යක්ෂණය-පීටර් ලමොන්ට්
11)හොදම ගීතය-ජේම්ස් හෝනර් සහ විල් ජෙනිංසන්
sandamali nakandala
Friday, June 29, 2018
බලාපොරොත්තු...
බලාපොරොත්තු...
ජීවිතය ජීවත් කරලීමට අවැසි දිව ඔසුව බලාපොරොත්තුය.ඇතමෙකුට එය යාන වාහන මහා මන්දිර තැනීම උදෙසා ඇතිවන්නක්ම නොව ජීවිතය සතුටින්, සමගියෙන් පවත්වාගෙන යාමට රුකුලක් සපයන්නකි.
බලාපොරොත්තු වලට ජීවය සපයන්නට නොහැකි වූ තැන සිත් රිදීම්,සිත් බිදීම් ඇතිවීම තුළ ජීවිතය කඩාවැටීමක් වුව සිදුවිය හැකිය.ජීවය සපයන්නට හැකිවූ තැන කුමන බාධක ,කම්කටොලු පැමිණියද ජීවන ගමන බබළවන්නට හැකිය.
එකිනෙකා තුළ වූ අදහස්, සිතුම්පැතුම් තේරුම් ගැනීමට නොහැකිවනතාක් ජීවිතය යදම් වැටලමින් ජීවිතය ගිණිබත් වන්නටද, ඇතැම්විට මෙය තේරුම් ගැනීම තුළින් ජීවිතය සෞම්‍ය,ශාන්ත,ප්‍රණීත වන්නටද හේතු වන්නේය.
අවසර නොදෙන්න ඔබගේ බලාපොරොත්තු වලට කිසිවෙකුටත් අත නොතබන්න.ඔබ ඔබම වන්න.ලෝකයා විසින් ඔබගේ බලාපොරොත්තු බිදලීමට ඉඩ නොදෙන්න
ජීවිතය ජීවත් කරලීමට අවැසි දිව ඔසුව බලාපොරොත්තුය.ඇතමෙකුට එය යාන වාහන මහා මන්දිර තැනීම උදෙසා ඇතිවන්නක්ම නොව ජීවිතය සතුටින්, සමගියෙන් පවත්වාගෙන යාමට රුකුලක් සපයන්නකි.
බලාපොරොත්තු වලට ජීවය සපයන්නට නොහැකි වූ තැන සිත් රිදීම්,සිත් බිදීම් ඇතිවීම තුළ ජීවිතය කඩාවැටීමක් වුව සිදුවිය හැකිය.ජීවය සපයන්නට හැකිවූ තැන කුමන බාධක ,කම්කටොලු පැමිණියද ජීවන ගමන බබළවන්නට හැකිය.
එකිනෙකා තුළ වූ අදහස්, සිතුම්පැතුම් තේරුම් ගැනීමට නොහැකිවනතාක් ජීවිතය යදම් වැටලමින් ජීවිතය ගිණිබත් වන්නටද, ඇතැම්විට මෙය තේරුම් ගැනීම තුළින් ජීවිතය සෞම්‍ය,ශාන්ත,ප්‍රණීත වන්නටද හේතු වන්නේය.
අවසර නොදෙන්න ඔබගේ බලාපොරොත්තු වලට කිසිවෙකුටත් අත නොතබන්න.ඔබ ඔබම වන්න.ලෝකයා විසින් ඔබගේ බලාපොරොත්තු බිදලීමට ඉඩ නොදෙන්න
අවැසිද තනන්නට
බලාපොරොත්තු...නුඹ වෙනුවෙන්
ජීවය සපයන්නට
බලාපොරොත්තු...නුඹ වෙනුවෙන්
කාලය විසදාවිද
බලාපොරොත්තු...නුඹ වෙනුවෙන්
සිටිනවා මඟබලන්
බලාපොරොත්තු...නුඹ වෙනුවෙන්
Sandamali nakandala
Subscribe to:
Posts (Atom)
වත්මන් උපන්දින සැමරුම හා සුරූපී නිරූපිකාවෝ
නිරුවතින් පැමිණ සුදුවතින් අවසන් ගමන් යන නිස්සාර වූ ජීවිතය විගඩම් නටන රඟ මඩලකි.... ඒ රගමඬලේ නවතම සොයාගැනීම අනෙකාගේ උපන්දින සාදයේ ත...
-
නිරුවතින් පැමිණ සුදුවතින් අවසන් ගමන් යන නිස්සාර වූ ජීවිතය විගඩම් නටන රඟ මඩලකි.... ඒ රගමඬලේ නවතම සොයාගැනීම අනෙකාගේ උපන්දින සාදයේ ත...
-
සුවහසක් ජාතියක ජීවනාලිය ඇයයි. අතීතයේ පටන් දැයට දුවාදරුවන් දායාද කරමින් දැයක් පෝෂණය කරවන්නට ඇය සමත් වූවාය. අතීත සමාජය තුළ මවකගේ කාර්යය ලෙස ...
-
හදිසි අනතුරකට බදුන්ව සිටිනා අයෙකු දැක දැකත් ඒ නොදුටුව සේ ඉවත බලා යන යුගයක හේතුව අනුන්ගේ කදුලු කෙරෙහි සංවේදී නොවන ස්වාභිමාර්ථ ජීවියෙකුගේ ත...








