Saturday, June 2, 2018

දරුවන් වෙනුවෙන් දුක් විදිනා අම්මාවරු..

සුවහසක් ජාතියක ජීවනාලිය ඇයයි. අතීතයේ පටන් දැයට දුවාදරුවන් දායාද කරමින් දැයක් පෝෂණය කරවන්නට ඇය සමත් වූවාය. අතීත සමාජය තුළ මවකගේ කාර්යය ලෙස සැලකුවේ පවුලේ සාමාජිකයින්ගේ අවශ්‍යතා සැපයීමයි. එහෙත් නූතන මවකගේ තත්වය අද වෙනස්වීමකට ලක්ව ඇත. පැරණි සමාජය තුළ පවුලේ යැපීම සදහා කටයුතු කිරීම පියාණන්ට පමනක් පැවරී තිබුණද අද සමාජය තුළ මවක පියාණන් හා සමසමව ආර්ථික කටයුතුවල  නියලේ.

පවුලේදී මුල්වරට පියාණන් හා සම තත්වය නොලබන වත්මන වනවිට පවුලේ බර, දරුවන්ගේ හා නිමක් නොමැති ගේ දොර වැඩ වලින් මෙන්ම මුදල් ඉපයීමේ කාර්යයට දායකත්වයක් ලබා දෙයි. ඉමහත් වූ තාඩන පීඩනයනට ගොදුරු වෙමින් යමක් කල හැකිය යන විශ්වාසය මත පදනම්ව ඇය එම ශක්තියෙන් නැගී සිට ලෝකය නිර්මාණය කරන්නීය.

පීතෘත්වයට සාපේක්ෂව ඉහල වැදගත්කමක් මාතෘත්වයට ලැබී ඇත්තේ මාතෘත්වය හා බැදී ඇත්තාවූ වගකීම් සමූහය නිසාවෙනි... සියලු වගකීම් දරමින් යහපත් දුවාදරුවන් මේ ලොවට දායාද කල මවුවරුන් ජාතියක ජීවනාලිය යැයි පැවසීම අසාධාරණ නොවේ.....
 
                                     Sandamali nakandala

5 comments:

වත්මන් උපන්දින සැමරුම හා සුරූපී නිරූපිකාවෝ

නිරුවතින් පැමිණ සුදුවතින් අවසන් ගමන් යන නිස්සාර වූ ජීවිතය විගඩම් නටන රඟ මඩලකි.... ඒ රගමඬලේ නවතම සොයාගැනීම අනෙකාගේ උපන්දින සාදයේ ත...