Sunday, June 24, 2018

මනුෂ්‍යත්වය...



මනුෂ්‍යත්වය වනාහි අති උතුම් ධර්මයකි.වත්මන් ලොව තුළ ඇති දැඩි තරඟකාරීත්වය තුළ එකිනෙකා පරයා යාමට දරන ප්‍රයත්නය තුලදී මනුෂ්‍යත්වය යන සාධකය කෙතෙක් දුරට වියකී යන්නේදැයි දෘශ්‍යමාන වීම බහුලය.

වයස් මට්ටමකින් තොරව බාල,තරුණ,මහලු සෑම සියලු දෙනාම ආත්මාර්ථකාමීත්වය තුලින් ලෝකය දකින්නට යෑමෙන් මේ මනුෂ්‍යත්වය යන සාධකය ගිලිහෙන්නට වී ඇත.

ඇතැම් විටෙක මෙය ජාතිවාදීව, වර්ගවාදීව කටයුතු කිරීමට යාමේදීද සිදුවන්නකි. කෙසේ නමුදු වත්මන වනවිට ඉතා අවශ්‍ය සාධකයක්හිලා මෙය සැලකිය යුතුය.

ඇතමෙකුට,
සිල්ලර වලට වෙන්දේසි වන
ආගම වෙනුවෙන් පාවාදෙන
ජාතිය වෙනුවෙන් පාවාදෙන
අපූරු වචනයකි මනුෂ්‍යත්වය...

තවකෙකුට,
සිල්ලර වලින් ලගාවන
ආගම වෙනුවෙන් ඇතිවන
ජාතිය වෙනුවෙන් ඇතිවන
අපූරු වචනයකි මනුශ්‍යත්වය

                                                         Sandamali nakandala

2 comments:

වත්මන් උපන්දින සැමරුම හා සුරූපී නිරූපිකාවෝ

නිරුවතින් පැමිණ සුදුවතින් අවසන් ගමන් යන නිස්සාර වූ ජීවිතය විගඩම් නටන රඟ මඩලකි.... ඒ රගමඬලේ නවතම සොයාගැනීම අනෙකාගේ උපන්දින සාදයේ ත...